brand logo

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට

04 July 2019

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් 1814 ක් සිදු කර සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීම් වලදී රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමක් ඇති මත් පැන් ඇතුළු දෑ අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි. පසුගිය මස 23 වැනිදා සිට මේ මස 01 වැනිදා දක්වා මෙම වැටලම් සිදු කර ඇත. මෙම වැටලීම් වලදී නීති විරෝධී ලෙස කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි ස්ථාන 32 ක්,කසිප්පු අලවි කරමින් සිටි ස්ථාන 168 ක්,කසිප්පු අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ස්ථාන 693 ක් සුරා බදු නිලධාරීන් විසින් වටලා ඇත.ඊට අමතරව ගංජා සහ හෙරෝයින් සන්තකයේ තබා ගැනීම් 264 ක්,නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි අලවි කිරීම සදහා ලග තබා ගෙන සිටි ස්ථාන 165 ක්ද තවත් වැටලීම් රැසක්ද සිදු කර ඇත.ඊට අමතරව රජයේ මත් පැන් අලවි කිරීම සදහා බලපත්‍ර ලබා දී ඇති ස්ථාන 06 කට එරෙහිව සුරා බදු ආඥා පනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීමටද සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇත. වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොහෝ දෙනෙකුට ඇප නියම කර ඇති අතර,ඒ ඒ ප්‍රදේශ වල පිහිටි අධිකරණයන් හමුවේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි. ජුඩ් සමන්ත
 

More News..