ජාත්‍යන්තර මත් ජාවාරමේ නියුතු ලාංකිකයන් දෙන්නෙක් මාට්ටු
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාර්යාංශය සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැකකරුවන් දෙදෙනා M.M.M. නවාස් සහ මොහොමඩ් අෆ්නාස් ලෙස ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. ඔවුන් දෙදෙනා චෙන්නායි නගරයේ සිට වෙනත් නම් දෙකක් භාවිත කරමින් ජාවාරම් කටයුතුවල නිරතව සිටි බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනාට පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරානය, ශ්‍රී ලංකාව. මාලදිවයින සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇති අතර ඔවුන් පාකිස්තාන සහ ඉරාන යාත්‍රාවලින් මුහුද මැද සිට ගොඩබිමට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම හසුරුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය කාර්යාංශය ලබාදුන් තොරතුරක් අනුව මෑතකදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ධීවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු මත්ද්‍රව්‍ය කිලෝ 100ක් මෙරට බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.