අතන මෙතන

ජාඇල මහා මාර්ගයේ අයාලේ යන සුනඛ ගහණය වැඩිවීමෙන් ජනතාවට පීඩා

ජාඇල ප‍්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ගේ ගහණය ඉහල යාමෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ජාඇල නාගරික මන්ත‍්‍රි ස්ටෙෆ්නි ප‍්‍රනාන්දු පවසයි. ජාඇල මහා මාර්ගයේ බල්ලන් පාර හරහා නිතර දිව යෑමෙන් යතුරු පැදි කරුවන් කිප දෙනෙකුම අනතුරට පත්වි ඇති අතර දඩවතේ යන බල්ලන් සපා කෑමෙන් පාසැල් දරුවන් ඇතුලූ පුද්ගලයන් කිපදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මන්ත‍්‍රි වරයා පවසා සිටියි.

ප‍්‍රදේශයේ සුනඛ ගහනය ඉහල යැම පිළිබදව ජාඇල නගර සභාෙවි මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අෙබිරත්න පවසන්නේ,බැල්ලියන් සහ පැටවුන් මහා මාර්ගයට ගෙනත් අත ඇරිමත්,මහමග දීම ඔවුන්ට ආහාර පාන ලබා දීමත් නිසා බලූ ගහණය ඉහල යමින් පවතින බවය.මිට මාස කිපයකට ජාඇල කලඑලියෙදි් පුද්ගලයෙකු දඩාවතේ යන සුනඛයකුගේ සපා කෑමට ගොදුරුවී රෝහල් ගතකර සිටියේදි ජලභිතිකා රෝගයට ලක්ව මියගිය බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සනාථ කළේය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ අනුග‍්‍රහයෙන් අයාලේ යන සුනඛයින් වද කරන සුත්කමි වලට ලක් කිරිමටත් ජලභිතිකා රෝගය වලක්වන එන්නත ලබා දිමටත් කටයුතු කරගෙන යන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ටි.කේ.බර්නාඞ්