ගොසිප්

ජවිපෙ මන්ත‍්‍රීන් හදිසියේම කතානායක නිල නිවසට

සමරු දේශනයෙන් පසුව සමරු ගී ප‍්‍රසංගය ආරම්භ වූ අතර ජවිපෙ නායකයින් ඒ මොහොතේදීම රැුස්වී අධිකරණ තීන්දුවත් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡුා කළේය.

”අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව නැවත බලාත්මකයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ගැසට් එකක් තිබෙනවා 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකවරයාගන් ඉල්ලීමක් කරමු. මොකද පළමුව මේ ප‍්‍රශ්නය විසඳගන්න වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ.” අනුර දිසානායක කියා සිටියේය. පසුව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායක නිල නිවසේදී කතානායක හමුවීමට තීරණය කළ අතර රාත‍්‍රී 7.30පමණ වන විට නිල නිවසට ළඟා විය.

එහිදී පැයකට ආසන්න කාලයක් සාකච්ඡුාවක නිරත වූ අතර 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමටත් පක්ෂ නායක රැුස්වීමක් කැඳවීමටත් කතානායකවරයා තීරණ කළේය. මේ අතර තවත් පක්ෂ කිහිපයක නායකයින් එදින රාත‍්‍රියේ කතානායක නිල නිවසට පැමිණියහ.

එදින රාත‍්‍රියේ ජවිපෙ නායකයින් ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක නිරතවීය. ”කුමන්ත‍්‍රණය අධිකරණයේ පරාජය කරලා තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදීත් පරාජය කරන්න ඕනෑ” ලාල්කාන්ත කීය.

”අධිකරණ තීන්දුවට අනුව දැන් පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මකයි. ජනාධිපති පත්කළ අගමැති පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා විශ්වාසභංගයක් බාරදෙමු” බිමල් යෝජනා කළේය. ”ඔව්, අපි වෙන කවුරුත් කරන කල් ඉන්න ඕන නෑ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ඒ අනුව නීති විරෝධීව පත්කළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදිය යුතු බව තීරණය කළහ.