brand logo

ජපුර සරසවියේ තවත් සිසුවියකට කොවිඩ්

12 October 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ ඉගෙනුම ලැබු තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර පදිංචි කොරෝනා ආසාදිත සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි සිසුවියක් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි. මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේ ද PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්ථා වෙයි. වෛරසය ආසාදනය වී නොමැති නමුත් ඔවුන් දෙදෙනා තවදුරටත් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කර තිබෙන බවද වාර්ථා වෙයි.
 

More News..