News

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කිහිපයක් – දැඩි රථවාහන තදබදයක්

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වීම හේතුවෙන් එම මාර්ගය ආශ්‍රිතව රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

ගාලුමුවදොර පිටියේ සිට කොටුව දෙසට ගමන් ගන්නා මාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් එක් මංතීරුවක් වසා දමා ඇති බවට ද වාර්තා වේ.