ගොසිප්

ජනාධිපතිවරයාගෙන් කතානායක හරහා විජිතට ඇමතුමක්

14වෙනිදා රාත‍්‍රීයේ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට කතානායක කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කතානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවිඩයක් ගැන කීමට ලැබුණ ඇමතුමකි. ”ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලූවෙන් කතා කලේ.

පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.” කතානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර අනුර ඒ මොහොත් සිටියේ විශේෂ රූපවාහිනී වැඩසටහනකය. මේ බව විජිත හේරත් විසින් ටිල්වින් සිල්වාටද දැනුම් දුන්නේය. මේ අතර රාත‍්‍රියේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට පිළිතුරු ලිපියක් යොමු කොට තිබිණි.

එයින් කියැවුණේ අගමැති පත්කිරීමට කතානායකවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බව ඇතුළු තවත් කරුණු කිහිපයක්ය. මෙම ලිපියෙන් අනතුරුව ජවිපෙ නායකයින් ජනාධිපතිවරයාගේ රැුස්වීමට සහභාගි නොවීමට තීරණය කළේය. ”දැන් කුමන්ත‍්‍රණයේ ඉතිරි පියවරත් පටන් අරගෙන තිබෙන්නේ. දැන් රටේ නීති, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් මෛත‍්‍රීපාල සිරිසේනට අදාල නැහැ. එයාගේ කතා අහන්න ගිහින් වැඩක් නැහැ. උවමනාව හොඳමටම පැහැදිලියි.” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ නායකයා කියා සිටියේය.