brand logo
logo

ජනපති අතේ ඇති දූෂණ අක්‍රමිකතා වාර්තාවේ අකිල, රාජිත, සජිත්, කිරිඇල්ලගේ නම්

13 October 2019

යහපාලන ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුන් පළමු වාර්තාවේ අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සඳහන් වී ඇති බව වාර්තා වේ. ආයතන පහළොවක් (15) සම්බන්ධයෙන් විමර්ශනය කර අවසන් කිරීමෙන් පසු පළමු වාර්තාව ජනාධිපතිවරයාට භාරදී ඇත. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණය, පාසල් පෙළ පොත්වලට ඇමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීම, පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමෙන් සිදුවූ පාඩුව ටැබ් පරිගණක ලබාදීමට ගෙන ඇති තීරණය ආදී කටයුතුවලදී සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීම, ප්‍රතිජීවක ඖෂධ ආනයනය, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම, ආදියෙන් සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කළ පැමිණිලිවලට ඇමැති රාජිත සේනාරත්නට චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව නිවාස සංවර්ධන අධිකාරියට නීත්‍යනුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සඳහා නිවාස ව්‍යාපෘතියේ සමරු ඵලකවල සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාසට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව චෝදනා එල්ල වී ඇත. චමින්ද සේනාරත්න
 

More News..