brand logo

ජනපතිවරණයට තරඟ කරන බව ගෝඨාභය කියයි

27 April 2019

මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර ඇත. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම හා බුද්ධි අංශ යළි ශක්තිමත් කිරීම ද ප්‍රමුඛ බවත් යුද සමයේ හා ඉන් අනතුරුව තමන් ගොඩනැගූ බුද්ධි අංශ ජාලය වත්මන් රජය බලයට පත් වීමෙන් පසු අඩපණ නොකළේ නම් පසුගියදා ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
 

More News..