News

ජනපතිවරණයට කෝටි හාරසීයක් දෙන්න භාණ්ඩාගාරය සූදානම් – පළාත් සභා නම් රු.කෝටි 450යි

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක මුදලක්ද, පළාත් සභා මැතිවරණයට රුපියල් කෝටි 450ක් පමණද වැය වන බවට ඇස්තමේන්තු කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණයක් පවතින ඕනෑම අවස්ථාවක එම මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය පොරොන්දු වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එළැඹෙන 23 වැනිදා සිට ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කෙරෙන අතර යම් පුද්ගලයකුගේ නම එහි සඳහන් නොවුණහොත් ග්‍රාම නිලධාරී කාර්යාලයේ අයැදුම්පතක් මගින් හෝ සෘජුව නම සහිත විස්තර මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළ හැකි බවත් එවිට එම කටයුත්ත මාසයක කාලයක් ඇතුළත සකසා දීමට හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

ඉෂාරා අබේගුණසේකර