අතන මෙතන

ජනතාව ලවා දොස්තරලට ගස්සන්න ප්ලෑනක්

පසුගිය සතියේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් රජයේ ක‍්‍රියාකලාපයන්ට එරෙහිව නැගෙන විරෝධතා පිළිබඳව අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේදී සුහද කතා බහක දී සිටියහ. එහිදී ”ගිය සතියේ දොස්තරලාත් මේ සතියේ දුම්රියත් වර්ජනය කරනවා. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩි බවයි මිනිස්සු කියන්නේ” වජිර අබේවර්ධන අගමැතිවරයාට කීය.

ගිය පාර ධරැුඛ විභාගෙත් මේ පාර ්රැුඛ විභාගෙත් ඉලක්ක කරලයි මේ වර්ජන එන්නේ. වර්ජන කරන අයටයි අවාසි. ජනතාව කැලඹිලා වර්ජකයන්ට ගැහුවා. බස් දාල විභාග ළමයි අදින්න පුළුවන්. දුම්රිය පඩි වැඩි කළොත් තව විශාල ආයතන ගණනක පඩි වැඩි කරන්න වෙනවා. රට ගොඩ ගන්නකම් රට ගැන හිතල ක‍්‍රියා කිරීමේ වගකීමක් කාටත් තියෙනවා.” අගමැති කීය.

අද දුම්රියට ජනතාව එල්ල කළ පහරදීම හෙට දොස්තරලටයි. දොස්තරලා දැන් දවසක් ඇර දවසක් වර්ජන කරන්න එනවා” චමින්ද විජේසිරි කීය.

අගමැතිවරයා සිනහ වෙමින් වජිර ඇමතිවරයා වෙනත් සාකච්ඡුාවක් සඳහා කැඳවාගෙන ගියේය.