brand logo

චාමික කරුණාරත්න වරද පිළිගනී

23 November 2022

වසරක අත්හිටවූ තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරද පිළිගෙන ඇති බවය. ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් සිදුකළහොත් අදාළ දඬුවම ක්‍රියාත්මක වනු ඇති. මේ අතර අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
 

More News..