brand logo
logo

චමරි සිය පළමු T20 ශතකය වාර්තා කරයි

29 September 2019

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය පන්දුවාර විස්ස ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට අද සමත් විය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. චමරි අතපත්තු පන්දුවාර 66කදී ලකුණු 113ක් වාර්තා කිරීමට අද සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත්වීම විශේෂත්වයකි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 217ක් රැස්කර ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියානු කාන්තා පිල වෙනුවෙන් බෙත් මූනි පන්දු 61කදී ලකුණු 113ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 176ක් පමණීයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා පිල පළමු පන්දුවාර විස්ස තරගය ලකුණු 41කින් ජය ගැනීමට සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
 

More News..