චන්ද්‍රිකාට පක්ෂ මූලස්ථානයේ ලිෆ්ට් එකත් ෂුවර් නෑලු
20 August 2019
චන්ද්‍රිකාට පක්ෂ මූලස්ථානයේ ලිෆ්ට් එකත් ෂුවර් නෑලු
20 August 2019
පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ට ද ‘අලකලංචියක්’ විය. අඟහරුවාදා උදේ ඇය හදිසියේම පක්ෂ මූලස්ථානයට පැමිණි අතර ඇගේ පැමිණීමත් සමඟ පක්ෂ මූලස්ථානයේ නිලධාරීන් මෙන් ම පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර ද මඳක් කලබලයට පත් වූයේ ය. මන්ද එදිනට යෙදී තිබුණේ, පක්ෂ ලේකම්වරයා විසින් පක්ෂයේ ප්‍රාදේශීය කළමනාකරුවන් කිහිප දෙනෙකුට පත්වීම් ලබාදීමක් පමණි.
කෙසේවෙතත්, මෙම අවස්ථාවට ‘චන්ද්‍රිකා’ පැමිණ තිබුණේ, ‘වැරදීමකින් යැවුණු ආරාධනාවක් නිසා’ බව තේරුම්ගත් නමුත්, දයාසිරි හෝ වෙනත් කිසිවකු ‘චන්ද්‍රිකාට’ ඒ බව කියා තිබුණේ ද නැත. ටික වේලාවක් මෙම උත්සවය දෙස බලා සිටි ‘චන්ද්‍රිකා’ යළි පිටත්ව යාම සඳහා නැඟී සිටි අතර ඇගේ ආරක්ෂකයන් ඇය ට ‘ලිෆ්ට් එකෙන්’ යන්නට කතා කළාය.
ඒ වන විටත් නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබෙන යකඩ ගේට්ටු යෙදූ ‘පැරණි ලිෆ්ට් එක’ ද නතර වී තිබූ නමුත් චන්ද්‍රිකා ඊට නැඟීම ප්‍රතික්ෂේප කළේ,’ තමන්ට එම ලිෆ්ට් එක ෂුවර් නැති බව' කියමිනි.