brand logo
logo

"චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ සාහිත ප්‍රණාම" සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 18 වනදා

16 February 2020

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අනුස්මරණය කරමින් චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ පදනම විසින් සංවිධානය කරනු ලබන ‘චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්‍රණාම සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය 2019’ ජයග්‍රාහකයින් සදහා සම්මාන සහිතක පිරිනැමීමේ ප්‍රදානෝත්සවය ලබන 18 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබේ. පෙබරවාරි මස 18 වැනි අගහරුවාදා පස්වරු 2.45ට කොළඹ, මහවැලි කේන්ද්‍රී ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගාවලිය සදහා නවකතා, කෙටිකතා, ගීත නිර්මාණ, පද්‍ය රචනා යන තරග අංශයන්ගෙන් නිර්මාණ විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් විශිෂ්ට නිර්මාණ තෝරාගෙන ඇත. දොඩන්ගොඩ මහතාගේ අවසන් නිර්මාණය වන "අල්තිනුගේ කතා වස්තුව" නවකතාව සහ ඔහුගේ "බිදුණු පුරහද" ආඛ්‍යාන කාව්‍ය සංග්‍රහය දොරට වැඩිමද, තරගාවලියේ ජයග්‍රාහී නිර්මාණය "විමුක්තිය සොයා" නවකතාව, "සුදු සාරිය සහ තවත් කතා" කෙටිකථා සංග්‍රහය, "බුදල් මම වෙමි" කාව්‍ය සහ ගීත සංග්‍රහය ද ග්‍රන්ථ ලෙස දොරට වැඩීම මෙහිදී සිදුවේ.
 

More News..