brand logo

ගූගල් ප්ලේ ස්ටෝ වෙත සෘජු ගෙවීම් කළ හැකි ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් පළමු ශ‍්‍රී ලාංකික දුරකථන ජාලය බවට එයාර්ටෙල් එයාර්ප්ලේ පත්වෙයි

27 December 2019

මෑතකදී ඊ ක‍්‍රීඩා ජාතික ක‍්‍රීඩාවක් කළ පළමු දකුණු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් වූ අතර මිලියන 32 ක ජංගම දුරකථන ග‍්‍රාහකයින් පිරිසක් සමග ඩිජිටල් සමාජයක් කරා අප වේගයෙන් ගමන් කරමින් සිටියි. යෙදුම් එසේත් නැතිනම් අප කවුරුත් දන්නා ඇප්ස් වර්තමානයේ විශාල ව්‍යාපාරයක් වන අතර වීඩියෝ ක‍්‍රීඩා ගෘහස්ථ ව්‍යාපාර ,විනෝදාස්වාදය ලබා දෙන අංශයන් ඉහළ නැංවීමට එය විශාල දායකතත්වයක් ලබා දී තිබේ.කෙසේ වෙතත්, සීමිත සාම්ප‍්‍රදායික ගෙවීම් ක‍්‍රමවේදයන් වන කෑෂ් ඔන් ඩිලිවරි සහ පෙර ඇණවුම් බැංකු තැන්පතු යනාදිය ඩිජිටල් අත්දැකීම් ලබා ගැනීම සඳහා බාධාවන් ඇති කර තිබේ.මෙවන් පසුබිමක් තුළ ඇප්ස් සමග ගනුදෙනු කිරීමට අප සුදානම් ද යන ප‍්‍රශ්ණය ඇසිය යුතු වෙයි. නමුත් එයාර්ටෙල් ”එයාර්පේ” සෘජු බිල්පත් ගෙවීම් සේවය Direct Carrier Billing (DCB) හඳුන්වා දීමත් සමග ශ‍්‍රී ලාංකීය තරුණ ප‍්‍රජාව ඒ වෙත යොමු වෙමින් සිටින අතර අන්තර්ජාලය හරහා ගනුදෙනු ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන බවත් පෙනී යයි. මන්ද ඔවුන්ට අවශ්‍යව තිබුණේ විශ්වසනීයත්වය සහතික කළ හැකි පහසු ප‍්‍රවේශයක් පමණක් වන අතර එයාර්ටෙල් ”එයාර්පේ” මගින් එම අවශ්‍යතාව ඉටු වී තිබේ.මෙහි ජනප‍්‍රියතාව කෙතෙක්ද යත් මෙම සේවාව හඳුන්වා දුන් 2017 වසරේ සිට ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව එයාර්පේ මගින් Google Play Store හරහා කරන ලද ගනුදෙනු වාර්තාගත ලෙස 10 ගුණයකින් වැඩි වී තිබීම මීට කදිම සාක්ෂියක් වේ. එයාර්ටෙල් එයාර්පේ සහ සෘජු බිල්පත් ගෙවීම් (DCB) ක‍්‍රමවේදය යනු කුමක්ද? වර්ෂ 2017 දී දියත් කරන ලද එයාර්පේ යනු ශ‍්‍රී ලංකා වෙළඳපොළට පැමිණි පළමු සෘජු බිල් ගෙවීමේ ("DCB") සේවාව වේ. DCB යනු අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමවේදයක් වන අතර මින් පරිශීලකයින්ට තම දුරකථන බිලට එකතු වන ලෙස හෝ පෙර ගෙවුම් ශේෂයන් භාවිත කරමින් Google Play Store හරහා තම මිළදී ගැනීම් සිදු කිරීමේ හැකියාව ලැබේ. එසේම අතපසුවී සිදුවන මිලදී ගැනීම් වැළක්වීම සඳහා මුදල් ආපසු ලබාගැනීමේ ක‍්‍රමවේදයක් එයාර්ටෙල් එයාර්පේ සතුව ඇත.එහිදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගත් වහාම ඇප් එක තුළ මුදල් ආපසු ගැනීමේ නැතිනම් ගනුදෙනුව ආපසු හැරවීමේ සලකුණ දිස්වන අතර එය පැය දෙකක් පුරාවට පවතී.එසේම පරිශීලකයින්ට ඔවුන්ගේ ගූගල් ප්ලේ ගිණුමේ ඇති ඇණවුම් ඉතිහාසය හරහා එයාර්පේ මිලදී ගැනීම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ද තබා ගැනීමේ හැකියාව පවතී.
 

More News..