brand logo

ගුරු විදුහල්පතිවරුන් වෙත පළමු වරට නිල හැඳුනුම්පතක්

06 October 2021

අධ්‍යාපන ඇමති ගුරු දිනයේදී ගුරු විදුහල්පතිවරුන්ට දුන් දේ

ගුරු විදුහල්පතිවරුන් වෙත පළමු වරට නිල හැඳුනුම්පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (06) එය ආරම්භ විය. ගුරු දිනයට සමගාමීව මෙම කටයුත්ත ආරම්භ කර තිබේ. එම උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ ගුරු පරම්පරාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස පැවසීය.

යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වනවා.

 

More News..