brand logo

ගුටි කෙළියෙන් පසු මන්ත්‍රීනියකගෙන් පැමිණිලි

07 May 2021

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර තමන්ට පහර දුන් බව කියමින් නාගරික මන්ත්‍රීනි සිවිත්‍රි ගුණසේකර ඊයේ (6දා) මහරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. නගර සභාව තුළ පැවැත්වුණු සාකච්ඡාවක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටින විටදී මන්ත්‍රීවරයා පැමිණ ජංගම දුරකථනයට පහරදී තමාටද පහරදුන් බව මන්ත්‍රීවරිය මහරගම පොලිසිය වෙත පැමිණිලි කර ඇත. අද (07දා) දෙපාර්ශ්වයම මහරගම පොලිසිට කැඳවා සිදුවීම විමර්ශනය කිරීමට නියමිතය. හේමන්ත ලියනපතිරණ
 

More News..