brand logo
logo

ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

01 January 2019

සතුන් දඩයම් කිරීම සදහා අටවන මෙරට නිපදවන ලද ගිනි අවි 07 ක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 වැනිදා දහවල් නවගත්තේගම - රජවිගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජවිගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙකුවය. සැකකරුට අයත් බව කියන රජවිගම ප්‍රදේශයේ හේනක අටවා තිබූ ගිනි අවි 02 ක්ද,එම හේනේම ගසක් යට සගවා තිබූ ගිනි අවි 05 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ දඩයක්කරුවෙකු බවට හදුනා ගෙන ඇත. සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. ජුඩ් සමන්ත
 

More News..