ගැසට් නොකිරීම නිසා වී මිල පහළ හෙළීමට මෝල්ලුන්ගෙන් උපක්‍රමයක්
08 February 2020
ගැසට් නොකිරීම නිසා වී මිල පහළ හෙළීමට මෝල්ලුන්ගෙන් උපක්‍රමයක්
08 February 2020
මහ කන්නයේ ගොවීන්ගේ වී මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ. මෙම තත්ත්වය මත වී කිලෝව රුපියල් 30-35 අතර මිල දක්වා පහත වැටී ඇත.
රජය මගින් සියලුම වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 50 ක මිලකට ගැනීමටත් තෙත වී කිලෝග්‍රෑමයක් රුපියල් 45 ක මිලකට ගැනීමටත් නියම කළේ ය. එහෙත් වී අලෙවි මණ්ඩලය ප්‍රමාණවත් තරම් මේ වන විට අස්වනු නෙළන කුරුණෑගල, මඩකලපුව, අම්පාර, උතුරු පළාතේ අලෙවිසල් විවෘත නොකිරීමත් මිලදී ගැනීමේදී අක්කර ප්‍රමාණය අනුව අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.
කෙසේ වෙතත් රජයේ පාලන මිල සඳහන් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර නොමැති නිසා සුළු වාරිමාර්ගවල අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන විටම වී මිල පහතට හෙළීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් මිලදී ගැනීමට ඉදිරිපත් නොවී සිටීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඉදිරි සති දෙක තුනක කාලයක සිට මහා වාරිමාර්ගවල ද අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමග මෙම තත්ත්වය උග්‍ර අතට හැරෙනු ඇත.
චමින්ද සේනාරත්න