brand logo

ගැබිණි මව්වරුන්ට දැනුම්දීමක්

31 October 2020

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට පවත්නා අසනීප තත්වයන් වලදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවීම නිසා' අවාසනාවන්ත සිදුවීම් කොහිපයක් වාර්තාවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරනවා. ඒ බැවින් ගර්භණී මව්වරුන්ට යම් අපහසුතාවයක් ඇත්නම් වහාම රජයේ රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මව්වරුන්ට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, යෝනි මාර්ගයෙන් අධික රුධිරය හෝ ශ්‍රාවයන් වහනය වීම, බබා දැඟලීම අඩුවීම, ක්ලාන්තය හෝ සිහිසුන් වීම, වලිප්පුව, අධික උදර වේදනාව, සිරුර ඉදිමීම, අධික හිසරදය හෝ අනෙකුත් ඕනෑම අවදානම් ලක්ෂයක් පවතී නම් වහාම රජයේ රෝහලක් වෙත පැමිණෙන ලෙස එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා. එවැනි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුකළ යුතු බව අවධාරණය කරනවා. එමෙන්ම රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලුම රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා. එවැනි හදිසි මොහොතකදී ගර්භණී සටහන්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස යොදාගත හැකි අතර අවැසි නම් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබාගත හැකි බව නිවේදනය කරනවා.
 

More News..