brand logo

ගාලූ මුවදොර ඉදිකිරීම් ඉවත්කිරීමට එරෙහිව රීට් පෙත්සම් 03 ක්

04 August 2022

 

පොලිස් තීරණයට එරෙහිව තිදෙනෙකු අධිකරණයට යයි

ගාලූ මුවදොර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් 03 ක් ගොනු කර තිබේ. පොලීසිය විසින් ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු මෙම පෙත්සම් ගොනුකර ඇත. හෙට (05) සවස 05 ට පෙර ගාලූ මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් ඊයේ දැනුම්දීමක් සිදුකළේය. මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබුණි.  
 

More News..