අතන මෙතන

ගාලු මුහුදෙන් කේරල ගංජා කිලෝ15ක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ගාල්ල ප‍්‍රදේශයේ මුහුදු තිරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝග‍්‍රැම් 15කට ආසන්න ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් 06 දෙනෙකු පසුගිය 7වැනිදා අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි.

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදාව විසින් සැක කටයුතු ට්‍රෝලර් යාත‍්‍රාවක් නිරික්ෂණය කර ඇත. එහිදී මෙම යාත‍්‍රාව පරික්ෂා කිරීමේදී යාත‍්‍රව තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 15 කට ආසන්න ප‍්‍රමාණයක් සමග යාත‍්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 28, 29, 31, 39 සහ 45 වන වියෙහි පසුවන බේරුවල සහ ගිංතොට ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ට්‍රෝලර් යාත‍්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇති බැව් නාවික හමුදාව පවසයි.

ශ‍්‍රී ලංකාව වටා වූ සාගර කලාපය භාවිතා කරමින් මත්ද‍්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කිරීමට නාවික හමුදාව කිසිසේත්ම අවස්ථාව ලබා නොදෙන අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධනය යොමු කර මෙහෙයුම් ක‍්‍රියාත්මක කරණ බවද නාවික හමුදාව පවසයි.

සරත් කුමාර ලොකුගේ-අක්මීමන