අතන මෙතන

ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි

කොරෝනා ආසාධිත වු සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරා නරතව සිටි ගාල්ල කොටුවේ සංචාරක හෝටලයක් වසා දමයි.

මෙම හෝටලයේ නතරව සිටි එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු පසුගිය 17වනදින ලංකාවෙන් පිටව ගොස් ඇති අතර එයට දින කිහිපයකට පසු එම දෙදෙනාගේ රියදුරු ලෙස සේවය කරන ලද නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාධනය වීම නිසා අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව මෙසේ හෝටලය වසා දමන ලදි.

එංගලන්ත ජාතිකයින් දෙදෙනාටද කොරොනා වැළඳීම නිසා එරට රෝහල් ගතකර ඇති බවද අනාවරණය වි ඇත.

එම නිසා හෝටලයේ සේවක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇත.

ඔවුන් ඇසුරු කරන ලද පුද්ගලයින් 83ක්ද හඳුනා ගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේය.