brand logo
logo

ග්‍රාමීය මාර්ග කි.මී. 3750 ක් සංවර්ධනයට ලංසු කැඳවයි

26 May 2020

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,750 ක් සංවර්ධනය කෙරෙන මාර්ග සංවර්ධන පැකේජ හයක් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලංසු කැඳවා තිබේ. මෙම ව්‍යාපෘති සියල්ල ආසියානු සංවර්ධ බැංකුව සමග ශ්‍රී ලංකාව සිදු කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ කොටස් වේ. මෙම ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් අරමුදල් සම්මත කර ඇති අතර සමස්ත වැඩසටහන පසුගිය වසර කිහිපයේ අඛණ්ඩව ක්‍රියාත්මක විය. කෙටියෙන් I Road ලෙස නම් කර ඇති මෙය තෝරාගත් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මාර්ගවල ප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය ප්‍රජාවන් සහ ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම අරමුණු කරයි. නැගෙනහිර, උතුර, බටහිර සහ ඌව පළාත්වල ග්‍රාමීය මාර්ග සංවර්ධනය මෙමගින් සිදු කෙරේ. දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සහභාගිත්වය සඳහා පහසුකම් සපයන ජාතික තරගකාරී ලංසු කාණ්ඩය යටතේ ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇත.   නයන තරංග ගමගේ
 

More News..