අතන මෙතන

ගම්පෙරලිය පෙරළෙයි – පුංචි කාර් දුර යයි

ගම්පෙරළියට අදාළ කැබිනට් පත‍්‍රිකාව ජනාධිපතිතුමා ඉවත දැම්මා කියන්නෙ ඇත්තද?” කවුරුත් කතා නොකරන හිතේ නළියන රහසක ඇත්ත දැන ගැනීමේ කුතුහලයෙන් පිරි චමින්ද විජේසිරි, අගමැතිවරයා ළඟපාත සිටිද්දීම නවින් ඇමතිවරයා දෙස බලමින් ඇසුවේය.

නෑ. පවතින සුළු ගැටලූ නිරාකරණය කරනතෙක් කල් තිබ්බා. මේ ගැන නිර්දේශ දෙන්න අමාත්‍යංශ ලේකම්ලගෙ කමිටුවක් පත් කළා. ඒ කමිටු නිර්දේශ හා මන්ත‍්‍රීලගෙ අදහස් මුලින්ම ගලපගන්න කියලයි කියවුණේ. මන්ත‍්‍රීලට වාහන දෙනවට වඩා ඉන්ධන දෙන එක හොඳයි කියලත් කියවුණා.” නවීන් දිසානායක කීය.

නුවර අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටසේ වැඩ තව ඉක්මන් කරල ලබන වසරේ විවෘත කළාම නුවර යන්න අලූත් පාරක් බිහිවෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

වාහන බද්ද ඉහළ දැම්මේ තාවකාලිකවයි. අපේ විදේශ විනිමය ගිය වසරවලට වඩා තුන් ගුණයක් කුඩා කාර්වලට වැය වෙලා. තෙල් මිලත් වැඩිවුණාම හිර වෙනවා. ඒත් මේ කාර් බද්ද පුළුවන් ඉක්මනින් අයින් කරන්න කියල මම මංගලට කිව්වා” අගමැති කීය.