brand logo

ගම්පහට රු 5000'ස බෙදා දෙයි

20 October 2020

මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රජයෙන් ලබාදෙන 5,000 දීමනාව ලබාදීම මේ සතිය තුල අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කරනවා. මෙහි කොටසක් අද දින (20) උදෑසන සිට එම රුපියල් 5,000 මුදල ගෙවීමේ කටයුතු සිදුකර ඇත. මේ අනුව මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී තෝරාගත් ස්ථානයවලදී එම රුපියල් 5,000 දීමනාව ලබාදීම අද සිට සතියක් පුරා ක්‍රියාත්මක වේ. මේ සඳහා රජය පළමු අදියර යටතේ රුපියල් කෝටි 4ක් වෙන්කර ඇත. එමෙන්ම ඇඳීරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ 16කට ද රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඉල්ලා ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.
 

More News..