brand logo

කෝටි එකොළහක් ඇබ්බැහි වූ මාරාන්තික ක්‍රීඩාව

01 November 2021

නෙට්ෆිලික්ස් ඉතිහාසයේ වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් සටහන් කරගත් කතාව

දකුණු කොරියාව විනෝදාස්වාදන කර්මාන්තයේ දැවැන්ත නිර්මාණකරුවෙකි. සංගීතය, නර්තනය, නාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයන් හි ඔවුන් හිණිපෙත්තටම ගමන් කරමින් සිටින්නෝය. එදා ඉන්දියාවේ බොලිවුඩය බටහිර ලෝකයේ හොලිවුඩය සමග කරට කර තරග කිරීමට පටන්ගත්තා සේම දකුණු කොරියාවේ විනෝදාස්වාදන කර්මාන්තයත් අද ලෝකය පුරාම පැතිරෙමින් තිබෙන්නේය. එරට කොරියානු පොප් සංගීතය ආසියාවෙන් යුරෝපයට යුරෝපයෙන් මුළු ලෝකයටම ගෙන ගිය බී.ටී.එස්. කණ්ඩායමත් සහ ලෝක ප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට සම්මාන උළෙලේදී පළමු වරට විදෙස් චිත්‍රපටයක් හිමිකරගත් උසස්ම සම්මානය වන 'Palme d'Or' දිනාගත් කොරියානු චිත්‍රපටයක් වන පැරාසයිට්ද දකුණු කොරියාව ලෝකයක් ඉදිරියට ගෙන ගිය නිර්මාණයන් වූහ.

මෙම කාණ්ඩයට අලුතින්ම එකතු වන්නේ Squid Game නම් කොරියානු ටෙලි කතාමාලාවයි.මෙය අද වනවිට ලෝකය පුරාම ව්‍යාප්තව ඇති නෙට්ෆිලික්ස්හි වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ඇති ටෙලි කතා මාලාව වන්නේය.

Squid Game Review: Wildly Graphic & Emotionally Charged! - Just for Movie Freaks එනම්, සැප්තැම්බර් දාහත් වැනිදා මංගල දර්ශනය ආරම්භ වීමත් සමග නොකඩවා දින විසි අටකදී කෝටි එකොළහකට අධික වැඩි පිරිසක් නරඹා ඇත්තේය. මෙය නෙට්ෆිලික්ස් ඉතිහාසයේ වැඩිම නැරඹුම් වාර ගණනකට හිමිකම් කියන එකම ටෙලි කතා මාලාවයි. මීට පෙර ඇමරිකාවේ චිත්‍රපට සමාගමක් වන ක්‍රිස් වැන් ඩූසන් විසින් අධ්‍යක්ෂණය කළ බ්‍රිජර්ටන් ටෙලි කතා මාලාව කෝටි අටකට වැඩි පිරිසක් නරඹා තිබුණි.

කෙසේවෙතත්, ගෙවෙන සෑම මිනිත්තු දෙකකට වරක්ම එක් අයෙක් හෝ Squid Game කතා මාලාව නරඹන බව නෙට්ෆිලික්ස් සමාගම සඳහන් කරන්නේය.

ඒ අතර Squid Game හි ප්‍රධාන චරිතයට පණ පොවන නළු නිළියන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හි පරිශීලකයන්ද දිනෙන් දින වැඩි වන්නට පටන් ගෙන ඇත්තේය. එහි සායි-බියොක්ගේ චරිතය නිරූපණය කරන ජුන්ග් හෝ-යෝන් නම් දකුණු කොරියානු රංගන ශිල්පිනියගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සැප්තැම්බර් දාහත් වැනිදා සිට මේ දක්වාම අනුගාමිකයින් කෝටියකට වැඩි සංඛ්‍යාවක් අලුතින් එකතු වී ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරන්නේය. Squid Game's HoYeon Jung Is Louis Vuitton's Global House Ambassador | Lamodespot කෝටි දෙකක වියදමක් දරා නිර්මාණය කළ Squid Game ටෙලි කතාමාලාව අද වනවිට දකුණු කොරියාවේ පමණක් නොව ආසියාවේ, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ජනප්‍රිතම ටෙලි කතා මාලාව වී තිබෙන්නේය. 'ද හන්ගර් ගේම්ස්' සහ 2000 දී තිරගත වූ 'බැට්ල් රෝයල්' චිත්‍රපට සඳහා තේමාව වූ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන මිනිසුන්ගේ ඉරණම Squid Game ටෙලි කතාමාලාවේ ද තේමාව වී ඇත්තේය. එනම්, ණය බරින් සිටින දකුණු කොරියාවේ මිනිසුන් කණ්ඩායමක් මුහුණ දෙන බිහිසුණු අත්දැකීමක් මූලික කරගෙන Squid Game කතා මාලාව නිර්මාණය වී තිබුණි. Squid Game': Would Director Hwang Dong-Hyuk Take Part in the Games?එහිදී, ලෝකයට පෙනෙන්නේ දකුණු කොරියාව ආර්ථික අතින් ශක්තිමත් වූ ධනවතුන්ගේ පාරාදීසයක් බවයි. නමුත්, යථාර්ථය වන්නේ දකුණු කොරියාවේ ජීවත් වන මහල්ලාගේ සිට දරුවන්, සංක්‍රමණිකයන් දක්වාම ඇත්තේ ගෙවා නිමකළ නොහැකි ණය බරකට යටත්ව යැයි ටෙලි කතා මාලාවේ අධ්‍යක්ෂ හ්වාං ඩොං-හියුක් පවසන්නේය. එය තේමාව කොට ගනිමින් අතීතයේ විඳි වේදනාවන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු අනාගතයේ ඇති අවිනිශ්ෂිත බව Squid Game තුළින් ගෙන හැර දැක්වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේය. කතා මාලා නමයක් පුරා දිවෙන Squid Game කතා මාලාවේ සෑම කොටසකම එරට මිනිසුන් මුහුණ දෙන ආර්ථික ගැටලු පිළිබඳව ඉතාමත් සුක්ෂම ලෙස කතා කරන්නේය. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ කොරියාවේ කුඩා දරුවන් ක්‍රීඩා කරනු ලබන ‘ඕජින්ග්-ඕ’ නම් ක්‍රීඩාවේ ආකෘතියයි. එහිදී, මාරාන්තික, ත්‍රාසය සහ භීතිය පිරි යන අයුරින් කතා මාලාව නිර්මාණය කර ඇති නිසා වයස අවුරුදු පහළොවට අඩු දරුවන්ට එය නැරඹීම තහනම් කර ඇත්තේය. ඒ ඝාතනය, සියදිවි නසාගැනීම් වැනි දර්ශනයන් කුඩා මනසට දැඩි සේ බලපෑම් එල්ල කළ හැකි නිසාය. SQUID GAME RED LIGHT, GREEN LIGHT (GTA 5) - YouTube Squid Game හි අධ්‍යක්ෂණය, තීර රචනය සහ නිර්මාණකරණය යන ත්‍රිත්වයම සිදුකර ඇත්තේ හ්වාං ඩොං-හියුක් විසිනි. ඔහුට මෙවැනි කතාවක් ගොඩනැගීමට අදහස පහළ වී ඇත්තේ සුදූ ක්‍රීඩාව, පැහැර ගැනීම්, දිවි නසාගැනීම් වැනි සිදුවීම් පාදක කර ගනිමින් රචනා වූ ජපන් පොත් පත පරිශීලනය කිරීමෙනි. ඒ ඔස්සේ ලබාගත් දැනුම උපයෝගී කර ගනිමින් 2009 වසරේදී Squid Game හි තිර පිටපත රචනා කර තිබුණි. එසේ රචනා වූ පිටපත ටෙලි නාට්‍යයකට ගොඩනැගීම සඳහා හ්වාං ඩොං-හියුක් විසින් කොරියානු ටෙලි නාට්‍ය කාලාවේ දැවැන්තයින්, රූපවාහිනී නාළිකා සහ වෙනත් විනෝදාස්වාදන ආයතන වෙත ගෙන ගියත් ඒ සියලුදෙනාම පාහේ Squid Game හි පිටපත ප්‍රතික්ෂේප කළෝය. එයට හේතුව වුයේ ත්‍රාසය පිරි කතාමාලාවකට ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු නොවන්නේ යැයි ඔවුන් සිතු නිසාය. කෙසේවෙතත්, තම උත්සාහය අතහැර දැමු ඔහු එම පිටපත සිය පොත් රාක්කයේ මුල්ලටම විසිකළේය. ඉන් අනතුරුව තවත් ටෙලි කතා කිහිපයක්ම රචනා කරමින් කොරියානු ටෙලි කතා කර්මාන්තයේ ඉඩක් ලබා ගැනීමට ඔහුට හැකිවිය. මේ අතරවාරයේදී ලෝකයේම තිරගත කිරීමට නියමිත චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා ඉතාමත් නම්‍යශීලි ඉඩකඩක් ලබාදීමට නෙට්ෆිලික්ස් සමාගම කටයුතු කරමින් සිටියේය. එය කොවිඩ් නිසා බැටකන විනෝදාස්වාදන කර්මාන්තයේ නියැළෙන්නන්ටත් විශාල උපකාරයක් විය.

මේ නිසාම තමන් දස වසරකට පෙර පොත් රාක්කයේ මුල්ලකට දැමු Squid Game තිර පිටපත 2020 වසරේදී නෙල්ෆිලික්ස් සමාගම වෙත ඉදිරිපත් කිරීමට හ්වාං ඩොං තීරණය කළේය. ඔහුගේ පිටපත කියවූ සමාගමේ ප්‍රධානින් එය ටෙලි තිරයට ගෙන ඒමට කැමැත්ත පළ කළහ. ඒ අනුව නිර්මාණය වූ Squid Game ටෙලි කතාමාලාව නොසිතු ලෙස දෙස් විදෙස් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් නෙට්ෆිලික්ස්හි දිග හැරෙමින් පවතින්නේය.

We need to talk about Squid Game | Financial Times එපමණක් නොව, මෙහි ජනප්‍රියත්වය කෙතරම්ද කියනවා නම් ඔක්ස්වර්ඩ් ඉංශ්‍රිසි ශබ්ද කෝෂයට අලුතින්ම කොරියානු වචන විසි හයක් එකතු කිරීමටත් එහි සංස්කාරකවරුන් කටයුතු කළේය. ඒ දකුණු කොරියානු චිත්‍රපට, සංගීතය සහ ටෙලි කතාවන් ලෝකය පුරාම සිටින ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් වසඟයට ගෙන ඇති නිසාය. කෙසේ වෙතත්, Squid Game හි ප්‍රේක්ෂකයන්ට මෙම කතා මාලාවේ දෙවැන්නත් ඉදිරියේදී ගෙන ඒමට නෙට්ෆිලික්ස් සමාගම සූදානම්ව සිටින්නේය. හර්ෂණී දිසානායක
 

More News..