කොළඹ ප්‍රධාන නගර 5ක් හුදෙකලා කරයි
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර පහක් ලබන සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය මෙලෙස හුදෙකලා කෙරෙන නගර වේ.
මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ඒ ආකාරයෙන් එය ක්‍රියාත්මක වේ.