කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ ගියේ සුළං දිශා වෙනසකින්
03 January 2020
කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ ගියේ සුළං දිශා වෙනසකින්
03 January 2020
කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමට බලපා ඇත්තේ සුළං දිසාව වෙනස්වීම නිසා බව ජාතික ගොඩනැගිලි පර්ෙ ය්ෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පැවැසීය.
කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමේ තත්ත්වය තවත් දින දෙකක පමණ කාලයක් පැවතිය හැකි බව බවද ඔහු පැවැසීය. කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය ඉකුත් 29 වැනිදා සිට වාර්තා විය.
උෂ්ණත්වයේ වෙනස්වීම මත සුළඟේ දිශාවද වෙනස් වන බවත්, විදුලි බලාගාරවලින් පිටවන දූවිලි අංශු ආදිය සුළඟ සමග මුසුවීම නිසා වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යන බවද සරත් ප්‍රේමසිරි කීවේය.
පෙරේදා (01 වැනිදා) රාත්‍රී 10 ත් 11 ත් අතර කාලය තුළදී කොළඹ නගරයේ දූවිලි අංශු සඳහා වායු ගුණ තත්ත්ව දර්ශකය 147 ක් ලෙස පෙන්නුම් කළ බවත්, ඊයේ (2 වැනිදා) අලුයම 1.00 ට පමණ එම අගය 150 ක් ලෙස වාර්තා වූ බවද ඔහු කීවේය.
වායු ගෝලයේ දූවිලි අංශු පවතින කාලය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවද ඔහු පැවසුවේය.
සාලිය කුමාර ගුණසේකර