කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ
01 September 2021
කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ
01 September 2021
එන්නත් අභිබවා යන තවත් කොවිඩ් ප්‍රභේදයක්?
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය "මූ" යන නමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන බවද ප්‍රකාශ කර තිබේ.
"මූ" ප්‍රභේදය පුද්ගලයෙකුගේ ප්රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන අතර එය මේ වනවිට දකුණු අමෙරිකානු සහ යුරෝපීය රටවලින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් "මූ" කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට එරෙහිව සටන් කිරීමේ අවදානමක් පෙන්නුම් කරන බවද සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයනය කළයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
