brand logo
logo

Update - IDH රෝහලට ඇතුලත් කෙරුණු සිව්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි

26 January 2020

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් සිව්දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි.

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙකු IDH රෝහලට

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර ඇත. එම කාන්තාවන් දෙදෙනාගේ සාම්පල වාර්තා අද පස්වරුවේ ලබාදීමට හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කරයි. කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ට කොරොනා වෛරසය වැළඳී තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
 

More News..