brand logo
logo

කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන රෝගීන් රැඳවීමට තවත් රෝහල් 11ක් නම් කරයි

28 January 2020

කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන්නන් රෝගීන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව කාරපිටිය රෝහල, මහනුවර ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මීගමුව රෝහල, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, යාපනය, ශික්ෂණ රෝහල් සහ රත්නපුර, බදුල්ල පළාත් රෝහල් නම් කර ඇතැයි අනිල් ජාසිංහ මහතා පැවසිය. සැකකටයුතු රෝගීන් පමණක් මෙම රෝහල් වෙත යොමු කරන බවත්, රෝගීන් බවට තහවුරු කරගන්නා අය අයි.ඩී.එච් රෝහලට පමණක් යොමු කරන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. ඩබ්ලිව්.එල්.අනුර - හබරාදුව
 

More News..