brand logo

කොරෝනා ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න යන අපේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙළුව මෙන්න

26 October 2020

වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල’ (ආසාදනය වී ඇති කොරෝනා වයිරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරීමට ගන්නා උපකරණ) නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා’ කට්ටල පසුගිය පෙබරවාරි මාසයේ දී ලෝකයේ කිසිදු රටකින් ලබා ගැනීමට නොහැකි වූ බැවින් එය වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය එක් කට්ටලයක් සඳහා වැය කළේ රුපියල් 350ක මුදලකි. එහෙත් ඒ සඳහා ප්‍රතිපාදන ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. ප්‍රතිපාදන වෙන් නොකර එම කට්ටල විදේශයන්ගෙන් ආනයනය කිරීමට පෞද්ගලික ආයතනයට ලබා දී ඇති බවත් ඒ සඳහා එක කට්ටලයකට රුපියල් 800ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරන බවද සඳහන් වේ. ශ්‍රියානි විජේසිංහ
 

More News..