brand logo

කොරෝනා නොතකා හින්දු කෝවිලක පූජාවක්

10 November 2021

හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූ වාර්ෂික පූජාව

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවය අද(10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරිණි. හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශයෙන් කොවිල් පාලක සභාව විසින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට පැවසේ. තලවකැලේ ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වු අතර , කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් තලවකැලේ ප්‍රදේශයේ විශාල පිරිසක් මියගොස් ඇති බව සෞඛය අංශ නිලධාරින් පවසයි. පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ පුර්වාදර්ශයක් කර ගනිමින් තලවකැලේ ප්‍රදේශයේ හින්දු කොවිලේ පාලක සභාව විසින් මෙම උත්සවය පවත්වන බව ප්‍රදේශවාසින් සඳහන් කරයි. රංජිත් රාජපක්ෂ - හැටන්
 

More News..