brand logo

කොරෝනා ආසාදිතයා විවාහ උත්සවයට ගිය හෝටලයට මුද්‍රා

28 October 2020

කොරෝනා ආසාදිතයකුගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සවයක් පැවැත් වූ දැල්තර පැරඩයිස් නමැති හෝටලයට මුද්‍රා තබා ඇත. මංගල උත්සවය පැවැත්වෙන අවස්ථාවේ කොරෝනා ආසාදිතයකු ඊට සහභාගි වී සිටින බවට ලද තොරතුරු මත එම ස්ථානයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා වන ලෙස එහි සිටි පුද්ගලයන් හැසිරී ඇත. කොවිඩ් වැලඳී ඇත්තේ මනමාලයාගේ පියාට බව එහිදී අනාවරණය වී ඇත. හෝටලයට මුද්‍රා තැබීමෙන් අනතුරුව එම විවාහ උත්සවයට සහභාගි වූ 130කට ආසන්න පිරිසක් සිය නිවෙස්වලම නිරෝධායනයට ලක් කර ඇත. කොවිඩ් ආසාදිත මනාලයාගේ පියා විවාහ උත්සවයේ ආරාධනා පත්‍ර බෙදීමටද නිවාස රැසකට ගොස් ඇති බවද පසු දින විවාහ උත්සවය පැවැති පානදුර ප්‍රදේශයේ හෝටලයටද ගොස් ඇති බවද අනාවරණය වී ඇත. හේමන්ත ලියනපතිරණ
 

More News..