කොරෝනා අසාදිත මවක් රත්නපුරේදී දරුවෙකු බිහි කරයි
30 October 2020
කොරෝනා අසාදිත මවක් රත්නපුරේදී දරුවෙකු බිහි කරයි
30 October 2020
රත්නපුර මහ රෝහලේ දරු ප්‍රසුතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම මව සිසේරියන් සැත්කමක් මගින් දරුවෙකු බිහිකර ඇති අතර දරු ප්‍රසුතිය අවස්ථාවේදී කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ සේවකයින් පිරිසක් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
මෙම මව විසින් බිහිකල දරුවා සෞඛ්‍යාරක්ෂිතව සිටින බව රත්නපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් පවසයි.
කොරෝනා ආසාදිත මව කොළඹ IDH රෝහලට ඊයේ (29) ඇතුළත් කර තිබේ.
රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු සහ එම කාන්තාවගේ පවුලේ කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.
ඇයගේ සැමියා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ රාජකාරි නිරත අයෙකු වන අතර ඔහු රත්නපුර බටුගෙදර පිහිටි නිවසට පසුගිය සතියේදී පැමිණ ගොස් ඇතැයි හෙළිවි තිබේ.
ඔහු රත්නපුර නගරයේ වෙළෙදසැල් දෙකකට ගොස් ඇති අතර එම වෙළෙදසැල් දෙකද වසා දමා එහි සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.