ලබන වසරේ සිට නාසයට එන්නතක්
28 December 2021
ලබන වසරේ සිට නාසයට එන්නතක්
28 December 2021
භයානක රෝගයකට එරෙහිව ඉන්දියාව බරපතල පරීක්ෂණයක් කරයි
දියරයක් ලෙස නාසයට ඉසින හෝ බිංදු ලෙස වත්කරනු ලබන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබන වසරේදී හදුන්වාදීමට ඉන්දියාව සූදානම් වෙයි. BBV 154 ලෙස නම් කර ඇති මෙම නාසයෙන් ලබාදෙන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඉන්දීය රාජ්‍ය සමාගමක් වන භාරත් බයෝටෙක් ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. මේ වනවිට සාර්ථකව සායනික පරීක්ෂණ අවසන් වී ඇති මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම එන්නත වෛද්‍ය උපදෙස් මත නිවසේදීම භාවිතා කිරීමේ හැකියාව ඇති එන්නතක් බව ඉන්දීය බලධාරීන් පවසයි. වාර්ෂිකව එන්නත් බිලියනය බැගින් නිපදවා විදේශ ආයතනවලද සහයෙන් මෙම එන්නත ගෝලීයව බෙදාහැරීමට සැලසුම් කර ඇති බව භාරත් බයෝටෙක් ආයතනය සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.