News

කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන මෙන් ජනතාව අගමැතිගෙන් ඉල්ලයි

කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජනතාව ඉල්ලීමක් කළේය.

ඒ, රනාල, ජල්තර ප්‍රදේශයේදී ප්‍රථම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදීය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අපි ඒ අවශ්‍ය දේ දෙන්නම් කියාය.

මෙම උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙ අද පැවැත්විය.