ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහිව තරංගගෙන් අර්ධ ශතකයක්

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රීකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනිමට ශ්‍රී ලංකාවට ලකුණු 283 ක ඉලක්කයක් හිමිව තිඛේ.

කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 282 ක්.

ඩැරන් බ්‍රාවෝ ලකුණු 100 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන උපුල් තරංග නොදැවී ලකුණු 54 යි. අසේල ගුණරත්න නොදැවී ලකුණු 17 යි.