කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු පුහුණුව අද
17 February 2020
කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු පුහුණුව අද
17 February 2020
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරගය අද(17 වැනිදා) කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
16 දෙනෙකුගෙන් යුත් මෙම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග වෙත පැවරී ඇත. කණ්ඩායම සඳහා යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක ඇතුළත්ව ඇත. මේ අතර මින් පෙර මෙම කණ්ඩායම සඳහා යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටි අතර මෙන්ඩිස් මේ වනවිට ඩෙංගු රෝගයෙන් පෙළෙන බැවින් එම ස්ථානය සඳහා සධිර සමරවික්‍රම ක්‍රීඩා කරයි. ශිරාන් ප්‍රනාන්දුද මෙම සංචිතයට ඇතුලත් වූ අතර අබාධයක් හේතුවෙන් ශිරාන් වෙනුවට තික්ෂිල ද සිල්වා කණ්ඩායමට ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙසින් ඩිල්ෂාන් මධුසංක සහ අසිත ප්‍රනාන්දු ද කණ්ඩායමට ඇතුළත්ව ඇත. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළැඹෙන 22 වනදා කොළඹ එස්.එස්.සී පිටියේදී දිවා තරගයක් ලෙසින් පැවත්වීමට නියමිතය.
පුහුණු තරගය සඳහා වන සංචිතය මෙසේය.
උපුල් තරංග(නායක), සඳුන් වීරකොඩි, පැතුම් නිශ්ශංක, සධිර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුසංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචින්දු කොළඹගේ, පී.එච්.ටී කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන්, ලහිරු උදාර