brand logo

කොට්ටාව සහ මහරගම ආශ්‍රිතව හෙට ජල කප්පාදුවක්

16 November 2020

කොට්ටාව සහ මහරගම ආශ්‍රිතව හෙට (17) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සදහන් කළේ හෙට (17) රාත්‍රී 9.00 සිට පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය හා නිවන්තිඩිය යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
 

More News..