brand logo

කොට්ටාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

31 October 2020

කොට්ටාව ප්‍රදේශයේ පිහිටි ග්ලොමාර්ක් සුපිරි වෙළෙද සංකීර්ණයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අදාළ ආයතනය විසින්ම සිය නිල ෆේස්බුක් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කර ඇත. පසුගිය දිනක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව ඊයේ දිනයේදී සිය ආයතනයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත් බව එම නිවේදනයේ දැක්වේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් දින 14ක ස්වයං නිරෝධායනයට ද යොමු කර තිබේ. එ‌මෙන්ම කොට්ටාවේ පිහිටි සිය ආයතනය ද විෂබීජ හරණයට ලක් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
 

More News..