brand logo

කොටදෙණියාවේ දරුවන් දෙදෙනාට මොකද වුණේ?

30 December 2021

අතුරුදන් දරු දෙදෙනා සොයා ගන්න පොලීසිය මහජන සහය පතයි

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් නොවැම්බර් 23 වැනිදින වාර්තා විය. 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන් වී තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසියට මේ වනතෙක් සිද්ධියට සම්බන්ධ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවී නොමැත. ඒ අනුව පොලීසිය දැනුම් දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වාගෙන යන බවයි. ඒ අනුව පොලීසිය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ මෙම දරුවන් දෙදෙනාගේ අතුරුදන්වීමේ සිද්ධිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසය.

එම විස්තර පහතින් දැක්වේ.

 

More News..