brand logo
logo

කොච්චිකඩේ දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අද

13 June 2019

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අද පෙරවරු 10ට සිදුකෙරුණි. ඒ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. පාස්කු ඉරුදින සිදුවූ එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

More News..