පලා පල

කේලාම් ඕපාදූපවලට හසුවන දිනකි

2021 ඔක්තෝබර් මස 06 වැනි බදාදා

රාහු කාලය 11.59 සිට 01.29 දක්වා රාත්‍රී 11.59 සිට 01.29 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- නිරිත

මේෂ

අධ්‍යාපනයට උනන්දුව අඩුයි

වියදම් වැඩි වුව ද මුදල් ලාභ උරුමයි. දේපළ ලාභ හිමි වේ. රැකියා කටයුතු යහපත් ආකාරයට සිදු වේ. ආගම දහම කෙරේ සිත ඇදී යයි. සතුරු කරදර ඇති කළ හැක. ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපනය කෙරේ උනන්දුව හීන වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය.

වෘෂභ

කේලාම් ඕපාදූපවලට හසුවේ

නිෂ්ඵල ගමන්බිමන්වල නිරත වේ. ඒ හේතුවෙන් වියදම් පක්ෂය ඉහල යයි. රජයට සම්බන්ධ වැඩවල නිරත අයට යහපත් ප්‍රතිඵල හිමි වේ. එහෙත් සිත් වේදනා ගෙන දෙන දිනයකි. කේලාම් ඕපාදූපවලට හසුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනේ.

මිථුන

මව්පියන්ට කරදර

ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතී. අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. සතුරු කරදර ඉස්මතු වේ. වැඩිමහල් සහෝදරයන් සමග ඇති සබඳතා දැඩි වේ. මව්පියනන්ට යහපත් නොවේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු වේ. සෞඛ්‍යය ගැන අවධානය යොමු කළ යුතුයි.

කටක

රජයෙන් වරප්‍රසාද

මිල මුදල් ලැබුණ ද වියදම් පාලනය කිරීම අසීරුයි. නිෂ්ඵල ගමන් යෙදේ. උසස් අයගේ උදව් උපකාර හිමි වේ. රජයෙන් විශේෂ වරප්‍රසාද හිමි වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. විවාහ ජීවිතය සාමාන්‍ය අන්දමට පවත්වාගෙන යයි. සෞඛ්‍ය ගැටලු මතු කරයි.

සිංහ

කීර්ති නාමයට හානි

ධනයට හානි සිදුවිය හැක. හොඳ නාමය පළුදු වීමේ ඉඩ පවතී. ලිපි ලේඛන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් ලබයි. එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී කම්මැලි ගති ඉස්මතු කරයි. පුණ්‍ය කටයුතුවල නියැළේ. අධ්‍යාපන කටයුතුවලට එතරම් උනන්දුවක් නොදක්වයි. සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැක.

කන්‍යා

ප්‍රීති අවස්ථාවන් ඇතිවේ

බලාපොරොත්තු ඉෂ්ට වේ. උසස් තනතුරු ලාභ උරුමයි. ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වයක් ලබයි. අතරමග නැවතුණු වැඩ යළි ක්‍රියාත්මක කරයි. විදෙස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීමට යහපත්ය. ඥාති මිත්‍රාදීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. ප්‍රීතිමත් අවස්ථාවන් ඇති කරයි. සෞඛ්‍යය යහපත්.

තුලා

රැකියා ස්ථානයේ ගැටලු

අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. රැකියා ස්ථානයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිය හැක. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. විවාහයේ ගැටලු‍ මතු කරයි. එහෙත් දූ දරුවන් නිසා සිතේ සතුට ඇති කරයි. කාර්යක්ෂම ලෙස වැඩකටයුතුවල නිරත වේ. හදිසි අනතුරුවලට ලක් විය හැක.

වෘශ්චික

උත්සවවලට ඇරයුම් ලැබේ

විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබා ගනී. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ අවධානය දිනා ගනී. කතාවේ බලයෙන් වැඩකටයුතු සිදු කර ගනී. අලු‍ත් බලාපොරොත්තු ඇති කරයි. උත්සවවලට ආරාධනා ලැබේ. ලේඛන සම්බන්ධ රැකියාවල නිරත වූවන්ට ඉතා යහපත් දිනයකි. සෞඛ්‍යය යහපත්.

ධනු

කතාවේ බලය පෙන්වයි

නව ආදායම් මාර්ග උදා කර ගනී. ගරු සැලකිලි ලැබේ. දියුණුවට කටයුතු යෙදේ. රැකියා කටයුතු යහපත් ලෙස කරගැනීමේ ඉඩ ලැබේ. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. කතාවේ බලය පෙන්වයි. ගමන්බිමන්වලින් ලාභ ප්‍රයෝජන අත්පත් කර ගනී. සතුරු කරදර යටපත් වේ.

මකර

අනවශ්‍ය අය ආශ්‍රට ලැබේ

ආදායම් මාර්ගවලට යහපත් නොවේ. මුදල් වියදම් කිරීමට විවිධ අවස්ථාවන් ඇති වේ. සිත් සතුටට කරුණු යෙදුණ ද ඇතැම් අවස්ථාවල මානසික පීඩා ගෙන දිය හැක. නඩුහබවලට පැටලීමේ ඉඩ පවතී. රැකියාවේ ද ප්‍රශ්න නැතුවා නොවේ. අනවශ්‍ය අය ඇසුරට ලැබිය හැක. උණ රෝග ඇති වේ.

කුම්භ

වියදම් අධිකයි

වියදම් අධික වන දිනයකි. රැකීරක්ෂා කටයුතුවල දී තනතුරු ආදියට කරදර ඇති වේ. ගෙදරදොර සැප පහසුවට බාධා පැමිණේ. කලකෝලාහලට පැටලීමේ ඉඩකඩ පවතී. පිය පාර්ශ්වයට යහපත්ය. අසල්වැසියන් සමග මතභේදවලට පැටලිය හැක. ජයග්‍රහණය බලාපොරොත්තු වන දේවලින් පරාජයට පත් වේ. වාත රෝග මතු කරයි.

මීන

ප්‍රේම සබඳතා ඇති වේ

ශුභපල උදා කරයි. මුදල් ලැබීම අතින් යහපත්. විනෝදයෙන් කාලය ගෙවයි. උසස් අයගේ ඇසුර ලැබේ. ආගම දහම කෙරේ සිත යයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී. වෙළෙඳාම් කටයුතු දියුණු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය