brand logo

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

15 January 2022

යුධ හමුදා බුද්ධි නිලධාරීන් විසින් පරීක්ෂණයක්  යාපනය සිට කොළඹ බලා කේරළ ගංජා කිලෝග්රැම් 250 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද(15) දහවල් අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසූවේ වන්නි යුධ හමුදා බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු යාපනය කිරීමලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර,ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙන යමින් සිටියදී යුධ හමුදා බුද්ධි නිළධාරීන් සිය  බාරයට ගෙන ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත භාරදී තිබෙනවා. සැකකරු හා අත්අඩංගුවට ගත් ගංජා තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වන්නි යුධ හමුදා බුද්ධි නිළධාරීන් හා ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
 

More News..