brand logo
logo

කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක් සමග දෙදෙනෙකු මාට්ටු

23 November 2019

මන්නාරම, මාන්තෙයිහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 200ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම ගංජා තොගය කොළඹ ප්‍රදේශයට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ඊයේ (22) රාත්‍රියේ කළ මෙහෙයුමකදී එම ගංජා තොගය සොයා ගෙන ඇත.
 

More News..