ක්‍රීඩා

කේන්ට විවේකයT20 නායකත්වය ටිම් සවුතිට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරග තුන සදහා නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුතිට හිමිව තිබේ.

ඒ කේන් විලිම්සන් විවේක ගැන්වීමත් සමගය.

කේන් විලිම්සන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිටම දීර්ඝව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහුට විවේකයක් ලබාදීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ටිම් සවුතිට මෙලෙස පන්දුවාර විස්ස තරග තුන සදහා නායකත්වය ලබාදීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.