brand logo

කෙහෙළියගේ ඉරණම දෙවියන්ට බාර දීලා ද?

21 August 2021

කොවිඩ් වසංගතය අස්සේ ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත්තේ සතුටින්ද? මගේ අසතුටට වඩා මෙය යුගයේ අවශ්‍යතාවක්. මේක ලොකු අභියෝගයක්. අභියෝගවලට මුහුණ දී ජයගන්න මම කැමැතියි. ලොකු ආත්ම විශ්වාසයකින් තමයි මම සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර ගත්තේ. අවදානම් තත්ත්වයක්. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලා ඉලක්කය ජය ගැනීම මගේ අරමුණයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් වුණේ වැඩ බැරි අමාත්‍යවරුන් ඉවත් කිරීමක්ද? කිසිම ඇමැතිවරයෙක් ඉවත් කරලා නැහැ. විෂය පථයන් පමණක් වෙනස් වුණා. ජනාධිපතිතුමා කීවේ වැඩ බැරි නම් ඉවත් කරනවා කියලයි. මෙවර වූයේ සාමාන්‍ය සිදුවීමක්. කොවිඩ් වසංගතයේදී සෞඛ්‍ය සේවාවේ මාධ්‍ය ප්‍රචාරණය හා ප්‍රජාව දැනුවත් කිරීම ඉතාම වැදගත්.ඔබ මාධ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිගු කලක් වැඩ කළ නිසා අලුත් ඇමැතිකම ඔබට භාර දුන්නා නොවේද? මට කාගෙවත් හිත් කියවන්න බැහැ. කාලයට ඔබින විදිහට ජනාධිපති හා අගමැති තීන්දු තීරණ ගන්නවා. මම පත් කිරීම එවැනි තීන්දුවක් වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඔබට උසස් වීමක්ද? නැතිනම් අමාරුවේ දැමීමක්ද? ඒ කිසිම දෙයක් නොවේ. යුගයේ අවශ්‍යතාව ඉටු කිරීමක් පමණයි. කොවිඩ් වසංගතය මුල් අවස්ථාවේදී පාලනය කිරීම සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ විශාල වැඩ කොටසක් කළා. ඒ වගේම තිස්ස විතාරණ කියන්නේ වයිරස්වේදය පිළිබඳ ලොව පිළිගත් විද්වතෙක්. එවැනි අයගෙන් ඔබටත් වැඩක් ගන්න පුළුවන්නෙ. මෙය ඉටු කිරීමේදී ඇතැම් පුද්ගල සාධකත් බලපානවා. පුද්ගලයන් සිටියත් කොවිඩ් වසංගතය පාලනයකින් තොරව යනවා. ලෝකයේ රටවල් රැසක එය සිදුවුණා. මගෙත් එක්ක වැඩ කරන්න පුළුවන් සෑම පුද්ගලයෙක්ගෙන්ම මම සහයෝගය ගන්නවා. උපදෙස් ගන්නවා. මොකද මේ අභියෝගය ජය ගත යුතුයි. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමතිවරයාගේ පාලනයෙන් ගිලිහිලා තිබුණ නේද? මට ඒ ගැන සෘජුව කියන්න අමාරුයි. යම් යම් අඩුපාඩු සමාජයේ සාකච්ඡා වුණා. එය සාධාරණද අසාධාරණද කියන්න මම දන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ යම් යම් විවේචනවලට ලක් වෙලා තියෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය සංගම්වල බලපෑම්වලට යටත් වුණා කියලා චෝදනාවක් තියෙනවා. ඔබටත් එවැනි බලපෑම් එන්න පුළුවන් නේද? සෞඛ්‍ය සේවාව දියුණු කිරීම සඳහා වෘත්තිය සමිති සමග සුහදව වැඩ කරන්න මම සූදානම්. වෘත්තිය සමිති සමග හරියට කතා කළොත් මේ ​මොහොතේ අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නෙ නැහැ. ඒ අයත් සමාජයේ කොටසක්. එම විශ්වාසය මට තියෙනවා. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳගන්න මම කැමැතියි. කොවිඩ් මරණ දත්ත වෙනස් කරන බවට චෝදනාවක් එල්ල වෙනවා. මරණ සම්බන්ධව නම් දත්ත වෙනස් කිරීමක් වී නැහැ. මම තවම අධ්‍යයනය කරනවා. මම කිසිදු දත්තයක් හංගන්න ඉඩදෙන්නෙ නැහැ. හංගනවා නම් ඊටත් වැට බඳිනවා. දැනට එහෙම දෙයක් වෙනවා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නෙ ඔබ වෛද්‍ය විද්‍යාත්මක මතය පිළිගන්නා බවයි. මරණ දත්ත වෙනස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා. එහිදී කතා කරන දේවල් මත රට සුන්දර තැනක් විය යුතුයි. විවිධ චෝදනා කරන්න පුළුවන්. ඒවා සියල්ල ඇත්ත නෙවෙයි. අදහස් ඉදිරිපත් විය හැකියි.​ වෛද්‍ය විද්‍යාත්මකව විශ්වාසවන්ත භාවය ජනතාව තුළ ඇති කිරීමට කටයුතු කරනවා. මම කැපවෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ දත්ත ඉදිරිපත් කිරීමේදී ගැටලු තිබුණා. මම තවම සෞඛ්‍ය අධ්‍ය්‍යනය කරනවා. දත්ත වෙනස් කර කොවිඩ් වසංගතය පාලනය කරනවා නම් එය බාල වැඩක්. බාල වැඩ කළොත් ජනතාව අමාරුවේ වැටෙන බවද ඔබ කියන්නෙ? අනිවාර්යෙන්ම අපි සැබෑ ස්වරූපය ජනතාවට ලබාදිය යුතුයි. ජනතාවගේ විශ්වාසය ඇති කළ යුතුයි. විශ්වාසය නොමැති වුවහොත් ආයතනය පවත්වාගෙන යන්න බැහැ. පවතින තත්ත්වය හරියට තේරුම් කළොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙනවා. වෙළෙඳසල් වසා දැමීම දේශපාලන බලපෑම් මත සිදු වුණාද? කොවිඩ් වසංගතයේදී එක වරෙක වහන්න කියනවා. තවත් වරෙක අරින්න කියනවා. එය දේශපාලන කුහකත්වය මත සිදුවන දෙයක්. තුණ්ඩු කෑල්ලෙන් රට වසා දැමූ අය යළිත් එය ආරම්භ කරලා. ප්‍රජාතන්ත්‍රවාදීව අපි කටයුතු කරනවා. උද්ඝෝෂණ 120ක් පැවැත්වුවා. මිනියක් දෙකක් බලාපොරොත්තු වුවත් එය නැති වුණා. පොලිසියේ බලපෑම් එල්ල වුණේ නැහැ. අපි වැඩ කටයුතුවලට ඒවා බාධාවක් කර ගෙන නැහැ. නමුත් ජනතාව ආණ්ඩුව විවේචනය කරනවනේ? ජනතාව විවිධ මත ඉදිරිපත් කරනවා. මම ජනතාවට දොස් කියන්නෙ නැහැ. යම් යම් පීඩනවලට ලක් වෙලා තියෙනවා. වසංගතයත් සමග ලෝකයේ ඇති වී තිබෙන වෙනස්කම් සමග අපිද වෙනස් විය යුතුයි. එවිට අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අඩුපාඩුකම් මධ්‍යයේ සහන සලසනවා. විපක්ෂය කුහකත්වයෙන් දේශපාලනය කරනවා. අපි ඉලක්කය ජය ගන්නවා. ජනතාව ආරක්ෂා කර ගනිමින් වසංගතයෙන් ​ගොඩ ඒම අපේ අරමුණයි. මානව සම්පතද ආරක්ෂා කරමින් මෙම ගමන යා යුතුයි. සෑම ජීවිතයක්ම අපිට වටිනවා. සෞඛ්‍යයේ අභියෝග ඔබ අධ්‍යයනය කර තිබෙනවාද? යම් අභියෝගයක් තිබෙනවා. ඒවා අධ්‍යයනය කරනවා. වසංගතය පාලනය පළමු අභියෝගයයි. එහිදී කොවිඩ් එන්නතේ මාත්‍රා දෙක කඩිනමින් ජනතාවට දීම ඉතාම වැදගත්. පවතින අවදානම ගැන ජනතාව හැකි පමණින් දැනුවත් කළ යුතුයි. ඔවුන්ගේ දායකත්වය ලබා ගත යුතුයි. ජනතාව දැනුවත් කර තිබියදී ගුරුවරුන් වැනි උගතුන් විරෝධතා පැවැත්වීම ගැන ඔබගේ අදහස කුමක්ද? ගුරුවරුන්ට ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නවා. නමුත් මෙවැනි වසංගතයකදී විරෝධතා පැවැත්වීම අනුමත කරන්න පුළුවන්ද? එය අස්වාභාවික සිද්ධියක්. වසර විසිහතරක් නොවිසඳුණ ගැටලුවක් මුල්කර ගෙන වසංගතයකදී විරෝධතා පැවැත්වීම සාධාරණද? එවැනි වේලාවක් තෝරා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා. ගුරුවරුන් ඇත්තටම කාලකණ්ණිද? කාලකණ්ණි කියන වචනය මම අදත් කියනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්නය රිචඩ් පතිරණ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාලයේ සාමාන්‍ය ලෙස වැටුප් වැඩිවීමක් ලබා දී විසඳපු ප්‍රශ්නයක්. 1997 බී.සී. පෙරේරා කමිටුවෙන්ද ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළා. සුබෝධා කමිටුව ඉන් පසු පත් කළා. එහි විසඳුම වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් ප්‍රතික්ෂේප කළා. මහින්ද ජයසිංහ වෘත්තිය සමිති නායකයාගේ නායකයා අනුර දිසානායක. ඔහු යහපාලන රජය සමයේ ප්‍රබල චරිතයක්. රටේ තීන්දු ගත් ඔවුන්ට බැරි වුණා ගුරු විදුහල්පති ප්‍රශ්නය විසඳන්න. ජෝශප් ස්ටාලින්ද එක වචනයක් කතා කළේ නැහැ. ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමැති කාලේ සංවෘත සේවාවක් කරන්න කියා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ වැඩේ ඇඟට අරගෙන කරන්න පටන්ගත්තේ අපේ ආණ්ඩුවයි. මැතිවරණ ප්‍රකාශයටත් ප්‍රශ්නය විසඳන්න ඇතුළත් කළා. එම නිසා ඉතිහාසයේ විවිධ චෝදනා තියෙන තුන් හතර දෙනෙක් තමයි මෙම විරෝධතා මෙහෙයවූයේ. අදත් ඒ දේ කරනවා. මම කාලකණ්ණි කීවේ ඔය තුන් හතර දෙනාටයි. මම නම්කරලා කීවේ. අදත් එය කියනවා. සෞඛ්‍ය අමාත්‍යංශය දූෂණ වංචා පිරුණ ආයතනයක් ලෙස චෝදනා එල්ල වෙනවා. ඒවා අවම කර ගනිමින් ඔබ ජනතා බලාපොරොත්තු ඉටු කරනවාද? අනිවාර්යයෙන්ම. අපට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. පිරිසිදුව කරනවා. පසුගිය රජය සමයේ යම් යම් එන්නත්වලින් ගසා කෑවා කියා චෝදනා තියෙනවා. එවැනි පාපකර්මවලට නම් මම සම්බන්ධ වෙන්නෙ නැහැ. හිටපු සෞඛය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇමැති ධුරයට සමු දුන්නේ බිලි පූජා කතාවක් කියමින්. ඔබතුමා බිලි පූජාවකට යන්න වෙයිද? ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ. නැතිනම් ඔබගේ ඉරණම දෙවියන්ට භාර කරන්න වෙයිද? දෙවියන්ට භාර කිරීම මම ඉගෙන ගත්තේ දොස්තරලාගෙන්මයි. උදාහරණයක් විදිහට පිළිකා රෝගියෙක් ගන්නකෝ. වෛද්‍යවරු කියන්නෙ අපට කරන්න පුළුවන් ප්‍රතිකාර කරලා තියෙන්නේ. දැන් බෝධි පූජාවක්වත් තියන්න. දෙවියන්ට බාර වෙන්න කියලා දොස්තරලා කියනවා. අපේ සංස්කෘතියත් සමග ඒකාබද්ධ වූ කාරණාවක්. මුස්ලිම් ජනතාවත් දෙවියන්ට භාර දෙනවා. දෙවියන්ට භාරදීම අල්ලාගෙන දැඟලුවාට මට ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන කුහකත්වය තිබෙන කණ්ඩායමක් සමාජ මාධ්‍ය සමග එකතුව ඊට ප්‍රචාරයක් දෙනවා. කොතනක හෝ එය නතර වෙයි. ඔබගේ ප්‍රදේශයේ එනම් මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික්V එන්නත ගත් පිරිසට දෙවන එන්නත නෑ නේද? දැන් ඔබ සෞඛ්‍ය ඇමැතිවරයා? ඔව්. කුණ්ඩසාලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අයට දෙවන එන්නත ලබාදීම ආරම්භ කළා. එන්නත්ද ලොකු මාෆියාවක්. ලැබෙන පරිදි එන්නත් දෙනවා. පළමු හා දෙවන මාත්‍රා හොඳටම අපි දෙනවා. ප්‍රශ්නයක් නොවන අයුරින් අපි දී තියෙනවා. මට පොඩි අහංකාරකමක්ද තියෙනවා. ආඩම්බරයක්ද තියෙනවා. කිසිදු සිදුවීමක් නොමැතිව එන්නත් ලබාදීම සම්බන්ධයෙන්. සෞඛ්‍යයේ විෂයය පථයන් බෙදීමේදී පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියටත් ලැබුණේ රෝහල් හා මෝචරිය පමණයි. ඔබටත් එසේ වෙයිද? කිසිම ගැටලුවක් නැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන හා සිසිර ජයකොඩි යන රාජ්‍ය අමාත්‍යවරුන් සමග මම සුහදව වැඩ කරන්න සූදානම්. සෑම සතියකම එක දවසක් මම ඔවුන් සමග සාකච්ඡා කරනවා. විෂය පථයන් බෙදා ඇත්තෙ අපේ පහසුවටයි. මෙය කාගෙවත් බූදලයක් නොවේ. කණ්ඩායම් හැඟීමෙන් මම සහෝදරත්වයෙන් වැඩ කරනවා. මම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. [caption id="" align="alignnone" width="498"]Graduates who haven't received employment can file appeal till Sept.17 |  Daily News සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල[/caption] උදයජීව ඒකනායක
 

More News..